..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, June 13, 2017

ප්‍රජා සත්කාර කරන්නේ ඇයි ?

ප්‍රජා සත්කාර කරන්නේ ඇයි ?
-------------------------------------------------
ඔය ප්‍රජා සත්කාර තියනව නේද, ඉස්සර මට හිතා ගන්න බෑ අතේ තියන ශතෙයි, තමන්ගෙ දහසක් වැඩ තියෙද්දි ඒ වැඩකට තියන කාලයයි අනුන් වෙනුවෙන් වියදම් කරන්න මෙයාලට තියන කැසිල්ල මොකක් ද කියලා.
ඒත් සමහරු කීවා ඔය ප්‍රජා සත්කාර කීවට ඕවයින් හරි ලාබයක් තියනව කියල.ඒ නිසා සමහර ප්‍රජා වැඩ වලට මට කතා කරත් මම ඒ වෙනුවෙන් ශ්‍රමය , දැනුම සහ කාලය මිසක මුදල් යොදන්න කිසිම වෙලාවක හදිසි වුනේ නෑ.(මුදල් නැති එක වෙනම කතාවක්).
ඉස්කෝලෙ ගොඩක් වැඩ වලට මුදල් යොදන්න සමහර යාලුවො කැමති වුනත් එකමෙක සැරයක් හැරුනාම මුදල් ගන්න ඉදිරිපත් වෙනෙකත් භයංකාර වැඩක් වුනා.
ද්‍රව්‍යමය ආධාර ලබා ගත්තත් සාක්ෂි ඇතිව ඒවා බෙදල දීලා , අදාළ පුද්ගලයන්ට විතරක් සාක්ෂි යැවුවෙ එයාල යොදපු අන්තිම ශතයත් “සුදුස්සාටම ලැබුනා “ කියල දන්වනේක යුතුකමට වඩා වගකීමක් නිසා.
ඒ අතරේ ආපු ගං වතුර නිසා කන්න තිබ්බ බත් එක අනුන් වෙනුවෙන් දෙන්න තරම් උසස් මිනිස්සු ඉද්දි , අනුන් වෙනුවෙන් අනුන් දීපු දේවල් පොදි ගහන් හංග ගන්න පහත් මිනිස්සු ඉන්නව කියනෙකත් , “දෙන දේවල් ගත්තම මක් වෙනවැයි “ න්‍යායෙන් , ලැබිය යුත්තන් තමන්ට පසු පසින් පෝළිමේ ඉද්දි , ලැබිය යුත්තන් තමන්ට එහෙම දෙයක් ලැබෙන්න තියන විත්තිය නොදැන ඉද්දි , පෝළිම් වල ඉස්සරහින් ඉදන් ඒ දේවල් ගත්ත මිනිස්සුත් හිටියා.
තමන්ට බොන්න වතුර නැතිව ඉද්දි , තියන දෙයින් යමක් එකතු කරන් දුර ගෙවන් දකුණට ආපු උතුරෙ මිනිස්සු මම දැක්කා.
මේ සියල්ල අතරේ , මහා ලොකු සල්ලිකාරයන් නොවුනත් බොහොම සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තිකයින් තවමත් සමූහ ලෙස ගං වතුරෙන් උවදුරට පත් වුනු අයට උදව් කරමින් සිටිනවා. එහෙම සමූහයකට මුදලින් හදලින් නැතත් “ සම්බන්ධීකරණයෙන් “ සහ “ සංග්‍රහ කිරීමෙන්“ දායක වෙන්න ලැබීමත් එක්තරා භාග්‍යයක්.
කාලයක ඉදල මේ වගේ වැඩ කරන කෙනෙක්ගෙන් මම ඇහුවේ “ඇයි මෙහම අතින් කයිට් කරන්න වැඩ කරන්නේ “ කියලා. ගුරුවරියක් විදිහට මම අහපු දේ ගැන ඇත්තෙන්ම මම කණගාටුවට වඩා ලැජ්ජාවට පත්විය යුතු බව මට තේරුනේ ඒ පුද්ගල මටලබා දුන්න උත්තරෙන්සහ අධාර දෙන්න ගියපු කෙනෙක් ඒ අධාර ලැබුන පිරිස අමතා කරපු කතාවෙන්.
ඒ කතාව පසුවට ලියන්නම්..

ආණ්ඩුවක් තියද නැද්ද කියල හොයා ගන්න බැරි කාලෙක , තමන් පත් කරපු අය තමන්ට සරණක් වෙන්න නොඑන කාලෙක , මිනිස්සු විසින් මිනිස්සු බලා ගත්තෙ නැතිනම් ඇත්තටම මේ වෙද්දි මොනා වෙලා තියේ ද කියල හිතා ගන්න බෑ.
ගං වතුරෙන් අකුරු ගහන් ගියපු පිරිසකට එහෙම අකුරු ආපහු ගෙනත් දෙන්න උදව් වෙන එහෙම සමූහයක් තමා මේ “අකුර“ කියන්නේ. ඔය පහළ තියෙන්නේ එහාට තියන පාර,


ඔයාලටත් පුළුවන් නම් එයාලට උදව් කරන්න. වැඩි දුර විස්තර ඕනි නම් සොයා බලන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම ගෙදර ඉන්න තමන්ගෙ දුවා දරුවන් ට මම වගේ හිතන්නැති වෙන්න.අනුන්ට උදව් කරන එක කැසිල්ලට කරන වැඩක් නෙමෙයි කියල කියා දෙන්න ඔබට පුලුවන්. තමන්ගෙ බත් පැකට් එක අනුන් වෙනුවෙන් දෙන්න පුලුවන් හිතක් පහල වෙන්නේ කෝච්චියෙන් බස් එකෙන් යන අයට විතරක් නොවී ,මුළු මහත් ශ්‍රී ලංකාවටම ඒ විදිහට හිතන්න පුලුවන් මිනිස්සු බිහිකරන්න හවුල් වෙන්න අපට පුලුවන් වෙන්නෙ එතකොට.

7 ප්‍රතිචාර:

රසිකොලොජිස්ට් - Rasikologist said...

හොඳ සිතෙන්, කිසිම දෙයක් බලාපොරොත්තුවක් නැතිව උදව් කළත්, එලෙස උදව් කරන අයට සමාජ ප්‍රාග්ධනය කියා එකක් එකතු වෙනවා.

ඇත්තටම අනිත් සමහරු සෙල්ෆි ගහලා දාන්නේත් ඒ වෙනුවෙන් ම තමයි!

Mahesh Rathnayake said...

සරල උත්තරේ තමයි අනික් එකා වෙනුවෙන් තියන කැහිල්ලට
:-);-)

MPP Gunasinghe said...

සොඳුරු පිළිතුරක්

Ajith Dharma said...

කතාව ඇත්ත , හොඳ වැඩක් අකුර කට්ටියගේ.

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

++++

Dhammika Nishshanka said...

Thanks So Si, I like to join them for their work.

amila chathuranga said...

සමජ සත්කාර කියන්නේ මානසික බර සැහැල්ලු කරගන්න තියෙන හොද ක්‍රමයක්..

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...